
බීජ ප්‍රතිකාරය
- මෙම බෝතලය වතුර ලීටර් 1 ට එකතු කර බීජ පැය 2 සිට 4 දක්වා පොඟවා ගන්න
- දියරය ඉවත් කර බීජ වපුරන්න
- දියරය විසි නොකරන්න, එය ඔබේ ගෙවත්තේ පොහොර ලෙස භාවිතා කරන්න
Bottles : Rs 500/-
Weight : 50gms
සැලකිය යුතුය : LIFEGREEN LG7
- මුද්‍රාව කඩා වරක් විවෘත කල පසු මාස 2 ක් ඇතුලත භාවිතා කරන්න.
- විවෘත කිරීමෙන් පසු සෘජු හිරු එළියෙන් ඈත්ව ගබඩා කර තබන්න.
මෙම LIFEGREEN LG7 ශාක සහ බීජ වල තෙල් නිස්සාරණයෙන් ලබා ගත් ක්ෂාරීය දියර පොහොර වර්ගයකි
- මෙහි වර්ධක හෝර්මෝන, ක්ෂුද්‍ර ජීවීන්, එන්සයිම හෝ සත්ව DNA (ශාක DNA පමණි) අඩංගු නොවේ
- ජෛව හායනයට ලක්වන බැවින් පසෙහි ශේෂ වීමක් සිදු නොවේ
- විෂ රහිතයි
- N P K (4:1:1) අඩු අගයක් ගන්නා බැවින් මිනිස් සෞඛ්‍යයට, වගාවට හෝ පරිසරයට හානි නොකරයි
- GMO නොවේ
- ගිනි ඇවිලෙන සුළු නොවේ
- ගංවතුර නිසා හානියට පත් වීමෙන් මාස ගණනක් වගා කළ නොහැකිව පවතින භූමිය නැවත ඉක්මනින් වගාවට සුදුසු තත්වයකට පත් කරයි
- වල් පැළෑටි වර්ධනයට ඉඩ නොතබයි
- බෝග මාරුව අවශ්‍ය නොවේ
- අස්වැන්න අවම වශයෙන් 20% කින් වැඩි කර අස්වැන්න චක්‍රය 10% කින් කෙටි කරයි
- LifeGreen LG7 ප්‍රතිකාරයට ලක් වූ පස වෙත ස්වභාවිකවම ගැඩවිලන්, පසට අත්‍යවශ්‍ය ජීවීන් සහ ක්ෂුද්‍ර ජීවීන් සංක්‍රමණය වීමෙන්, මිය ගිය පස සුවපත් කර ‘සජීවී පසක්’ බිහි කරයි.
LIFEGREEN (LG7)‘7 in 1’සම්පූර්ණ ප්‍රතිකාරකයකි:
- පාංශු ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරයි
- බීජ ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරයි
- පොහොරක් ලෙස ක්‍රියා කරයි
- ශාක පෝෂකයක් ලෙස ක්‍රියා කරයි
- වල් පැළෑටි මර්ධකයක් ලෙස ක්‍රියා කරයි (එබැවින් වල් නාශක අවශ්‍ය නොවේ)
- රෝග වලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි, එබැවින් දිලීර, බැක්ටීරියා සහ වයිරස් නාශක භාවිතා කිරීම අවශ්‍ය නොවේ.
- කෘමීන්/පළිබෝධකයන්, මීයන්, සර්පයන් සහ කුරුල්ලන් පවා මෙහි සුවඳට විකර්ෂණය වන බැවින් පළිබෝධනාශක භාවිතා කිරීම හෝ වගා බිම්වලින් කුරුල්ලන් පලවා හැරීමට අවදියෙන් සිටීම අවශ්‍ය නොවේ.
LifeGreen AM9 – අධි පාංශු ප්‍රතිකාරය
දින 7 – 10 කින් ඔබවද, ඔබේ භුමිය මෙන්ම අපේ රට හා ජාතියද සුව කරයි.
LIFEGREEN AM9 පාංශු ප්‍රතිකාරය මඟින්, ආම්ලික පස ක්ෂාරීය කිරීම නිසා දැඩි ලෙස හානිවි ඇති පස වගාවට සුදුසු පරිසරයක් බිහිකරයි. රසායනික පොහොර, වල්නාශක හෝ පලිබෝධනාශක හේතුවෙන් පසෙහි ඇති ඕනෑම රසායනික විෂ වීමක් උදාසීන කරයි. කාබනික හා ජෛව පොහොර වලින් පසට එකතුවි ඇති බැක්ටීරියා, වයිරස් හෝ වෙනත් ඕනෑම පරපෝෂිත රෝගයක් ඉවත් කර පසට හිතකර ක්ෂුද්‍ර ජීවීන් හා අනෙකුත් ජීවීන් පසට පැමිණීමට සලස්වා දින 7 ක් ඇතුළත සාරවත් සජීවී පසක් බිහි කරයි.

LifeGreen AM9 අධි පාංශු ප්‍රතිකාරය (බෝතලය A සහ B) වර්ග මීටර් 100 ක් සඳහා යෙදුම උපදෙස් අනුගමනය කරන්න
Bottles : Rs 5,000/-
Weight : 265gms
LifeGreen AM9 – අධි පාංශු ප්‍රතිකාරය’
- ඕනෑම ආම්ලික පසක් මිනිත්තු 10 කින් ක්ෂාරීය කරයි
- පසෙහි ඇති රසායනික පොහොරවල අහිතකර අපද්‍රව්‍ය දින 7-10 කින් නිෂ්ක්‍රිය කර වගාවට සුදුසු පරිසරයක් බිහිකරයි
- කාබනික සහ ජෛව පොහොර මගින් රෝගීව (පරපෝෂිත, ඇමීබික්, දිලීර, බැක්ටීරියා, වෛරස්) හානිවී ඇති පස දින 7 – 10 කින් සජීවී කරයි!
- ශාකයට අත්‍යවශ්‍ය’ ක්ෂුද්‍ර ජීවීන් සහ අනෙකුත් වගාවට අවශ්‍ය ජීවින් (ගැඩවිලි පණුවන් ආදිය) නැවත LifeGreen AM9 යෙදු පස වෙත සංක්‍රමණයවේ. එමගින් දින 7 – 10කින් පස තුලට වාතය ගමන්කර පසේ සරු බව වැඩි කර ‘සජීවී පසක්’ බිහි කරයි!
- ගංවතුර නිසා මාස ගනනක් වගා කල නොහැකිව ඇති භුමිය දින 7-10 කින් නැවත වගා කල හැකි තත්ත්වයට පත්වේ
